
ඔන්න ඉතිං වෙනද වගේම මේ කතාවටත් පාදක වෙන්නෙ මන්ගා එකක් තමයි. ඉතිං ඒ නිර්මාණය කරලා තියෙන්නෙ සතොරු නී කියන මන්ගා රචකයා විසින්. දැනට වෙලුම් 16කින් මේ කතාව සමන්විත වෙනවා.
ඉතිං අපි කතාව පැත්තට ගියොත්, අපේ කතාවෙ ප්‍රධාන චරිතය තමයි සකුරා හරුකා. ඉතිං හරුකාගෙ පෙනුම නිසා ගොඩක් අය ඔහුව පිලිකුල් කරනවා. ඒ වගේම හරුකා වලියට බර කෙනෙක්. ඒ නිසාම මෙයා ෆූරින් උසස් පාසලට මාරු වෙලා එනවා. ඒ මොකද මෙයාට ආරංචි වෙනවා ෆූරින් ඉස්කෝලෙ බලවතා කවුද කියලා තෝරන්න හැමදාම රණ්ඩු ඇති වෙනවා කියලා. හරුකා මේ ඉස්කෝලෙට මාරු වෙලා එන්නෙ, ඉස්කෝලෙ ඉන්න නොම්මර එකේ චන්ඩියා වෙන්න හිතාගෙන….
ඔන්න ඔය විදියට නගරෙට ආපු හරුකාට පලවෙනි දවසෙම වලියක් දාගන්න වෙනවා. මේ අතරතුරේ හරුකාට දෙයක් තේරුම් යනවා. ඒ තමයි තමන් හිතන් හිටිය දේම නෙවෙයි දැන් සිද්ද වෙන්නෙ කියලා. එහෙනම් ඒ මොකද්ද….
දැනගන්න නම් කතාව බලන්නම වෙනවා…
Nice bro
supiriyi
Anee anith episode eka kawadada danne