ආත්මීය බැඳීම් ගැන අසා තිබෙනවා නේද? දෙදෙනෙක් ආත්මයෙන්ම එකිනෙකා හා බැඳෙන හැටි සිද්ධ වෙන්නේ කොහොමද කියල ඇත්තටම දන්නවද? කතාවට කිවුවට බෑ, ඒ හැඟීම කොයි වගේ එකක්ද කියල දැනගන්නම ඕනි.
දෙනුවර අන්දරයක්, දෙහිතක ආදරයක්, දෙසිරුරක යාවීමක්, කාලාවකාශයේ සිදුවූ හමුවීමක් සහ වෙන්වීමක් සහ කාලාවතරණයේ යළි හමුවීමක් විදිහට මේ ආත්මීය විස්තරය පෙලගස්වන්නට පුළුවන්. ඒ පෙළගැස්ම තුළ දිගහැරෙන රූප පෙළ ඔබව පියවි ලොවෙන් වෙනත් ඉසව්වකට රැගෙන යාවි. ඒ ඉසව්වේ ඔබ දකින විඳින දේ ඔබ විශ්වාස කරාවි. නමුත් පියවි ලොවට ඔබ නැවත පැමිණි විට ඔබ දුටු දේ ප්රාතිහාර්යයකින් මිස සැබෑවටම සිදු විය නොහැක්කක් බව ඔබට සිතේවි. අන්න ඒ මොහොතේදීම ඔබ නැවත පියවි ලොවින් මිදී ඒ ඉසව්වට යා යුතුයි.
Views: 16