Highschool of the Dead

  1. Genres : Action / Fantasy / Ecchi
  2. Audio : Japanese
  3. Subtitles : Sinhala

7.2

Subtitles By : ගඟුල් කාව්‍ය (ලංකන් Weebs)

Highschool of the Dead

Highschool of the Dead එක ප්‍රදර්ශණය උනේ 2010 දි. 2023 වෙද්දි මේ anime එක IMDB වල 7.2 ක හොඳ ප්‍රතිචාර සංඛ්‍යාවකුත් MAL වල 7.07 ක ප්‍රතිචාර අගයකුත් ලබාගෙන තියනවා.
මේක Action, Horror, Supernatural, Ecchi කියන Genre වලට අයත් වෙනවා.
ඉතින් Ecchi වලටයි Horror වලටයි ආස කවුරුහරි ඉන්නව නම් මෙන්න එයාලගෙ anime එක….
කම්මැලි නැතුව හොඳට බලන්න පුලුවන්. Ecchi කියන්නෙ මේක අනිවාරෙන්ම 18+ anime එකක් කියලා කියන්න ඕනෙ නෑනේ.
මේකෙ Source එක විදිහට Daisuke Satō ගෙ highschool of the dead කියන manga එක අරගෙන තියනවා.
මේක MAD House Studios ලා තමා ඇනිමේට් කරන්නේ.
ඒත් මෙච්චර කරලත් අවාසනාවකට වගේ කිසිම Award එකක් මේ anime එකට හම්බෙලා නෑ.

දැන් අපි යමු පොඩ්ඩක් කතාව පැත්තට…
හදිස්සියේම ජපානය ඇතුලෙ Zombie වසංගතයක් පැතිරෙනවා. මේකෙන් මුලු ජපානයම අවුල් ජාලයක හිර වෙනවා. මේ වසංගතය ජපානෙ උසස් පාසලකට ඇතුලුවෙනවා. ටකාශි තමන්ගෙ ක්‍රශ් එක වෙච්ච රේයි ව ආරක්ශා කරන්න පොරොන්දු වෙලා මේ මර උගුලෙන් බේරෙන්න උත්සාහ කරනවා. ඒ අතරේ මේ පාසලේම බේරුණ තවත් අය ඉන්නවා. මෙයාලත් මේ කන්ඩායම එක්ක එකතු වෙලා මේ වසංගතයෙන් බේරෙන්න උත්සාහ කරනවා. හොඳ වෙඩික්කරුවෙක්, සටන්කාරියක්, දැඩි අධිෂ්ඨානයක් ඇති කොල්ලෙක් සහ විවිධ හැකියාවන් තියන සෙට් එකක් මේ කණ්ඩායම ඇතුලෙ ඉන්නවා. එයාලා මේ වසංගතයෙන් බේරෙයිද ? ඉස්සරහට මොන මොන කරදර වැටෙයිද ? මෙයාලට මේ මරණයේ ආධිපත්‍ය බිඳහෙලන්න පුලුවන් වේවිද ? ඒක ඉතින් ඔයාලාම මේ කතාව බලලා දැනගන්න.                                      

Complete

In this post:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *