Lookism

  1. Genres : Action / School / Slice of life
  2. Audio : Japanese
  3. Subtitles : Sinhala

7.7

Subtitles By : සඳක මලීෂ (ලංකන් Weebs)

Lookism

ඇනිම් රසිකයො හැමෝටම සුබ දවසක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා අපි අද අරගෙන ඇවිත් තියෙන්නෙ 2022 වසරෙදි Netflix හරහා විකාශය උන lookism ඇනිම් කතා මාලාව මුලින්ම කියන්න ඕනෙ මේක ජැපනීස් ඇනිම් එකක් නම් නෙමෙයි. අපි මේ කතාවට මූලික වශයෙන් පාදක උන සිදුවීම ගැන බැලුවොත් මේක 2014 වර්ශයේදි දකුණු කොරියාවෙදි taejun pak කියන කෙනා “lookism” නමින් ලියපු web toon එකක් පාදක කරගෙන ඊට වසර කීපයකට පස්සෙ studio Mir කියන ආයතනය මේ කතාව ඇසුරෙන් lookism නමින් animated series එකක් නිර්මාණය කරා.

මේකෙ නිෂ්පාදකයා විදියට සඳහන් වෙන්නෙ Kohei obara කියන කෙනා මෙයාලගෙ මේ කතාව 2022 වර්ශයෙදි Netflix හරහා lookism නමින් විකාශය උනා මේකෙ සංගීත අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Han kyung hoob මේ කතාවෙ අන්තර්ගතය බැලුවොත් දකුණු කොරියානු උසස් පාසල් වල සිදුවන bully කිරීම් එහෙමත් නැත්නම් අවලස්සන ලමයින්ට සිදුවන අකටයුතුකම් සහ සිසුන් අතර සිදුවන ගැටුම් තමා ගොඩක්ම අන්තර්ගත වෙලා තියෙන්නෙ. මේ කතාව අයිති වෙන්නෙ ක්‍රියාදාම, අත්භූත, නාට්‍ය කියන වර්ග වලට ඒ වගේම මේක Imb දර්ශකයෙ 7.46/10ක අගයක් අරගෙන තියෙනව.

වගේම ජැපනීස් animetion වලට ආවේනික උන 2d animetion style එකක් වගේම හොඳ caretctor ඩිසයින්න් එකකුත් ඔයාලට බලාගන්න පුළුවන්.ඉස්කෝලෙ අනිත් ලමයි අතින් හිරිහැර වෙන ළමයෙක්ට යම් සිදුවීමකින් ඉස්කෝලෙ මාරුකරල යන්න සිද්ද වෙනව ඊටපස්සෙ අමුතු සිදුවීමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඒ තමා එයා ඇහැරල බලනකොට එයා වෙනමම කෙනෙක් එහෙම තමා කතාව පටන් ගන්නෙ. ඔයාටත් ඒ වගේ ලස්සන ඇඟක් ලැබුනොත් ඔයා මොනා කරයිද වැරදියට පාවිච්චි කරයිද? නැත්නම් අනිත් අයට උදව් කරයිද? එහෙනම් අනිවාර්යෙන්ම බලන්න lookism.  බලන්න පටන් ගත්ත ගමන් කම්මැලි නැතුව එක හුස්මට බලාගෙන යන්න පුලුවන් සුපිරිම කතාවක් තමා මේක
විශේෂ ගෞරවය අනිවාර්යෙන්ම අපේ ලංකන් weebs කණ්ඩායමේ හසරංග නදීශ මහතාට හිමිවෙන්න ඕන.

ලංකන් weebs වෙනුවෙන්-සඳක මලීෂ

වීඩියෝ නැරඹීමට පින්තූර මත Click කරන්න.
වීඩියෝ Download කිරීමට Download Button එක Click කිරීමෙන් ලැබෙන වීඩියෝවේ පහල තිත් තුන මත Click කරන්න.

Season 1 Complete

In this post:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *