...

My Hero Academia season 1

  1. Genres : Action / Fantasy / Adventure
  2. Audio : Japanese
  3. Subtitles : Sinhala

8.3

Subtitles By : අංජන ප්‍රදීප්

My Hero Academia

ඔන්න ඉතින් ගොඩක් අය ඉල්ලපු නිසා දෙන්න හිතුන Anime එකක්. My Hero Academia කියන්නේ Kōhei Horikoshi විසින් රචනා කරපු ජපන් මංගා කතා මාලාවක්. ඉතින් July 7, 2014 නිකුත් වෙන මේ මංගා එක 2024 අප්‍රේල් වෙන කොට වෙලුම් 40ක් නිකුත් වෙලා තියෙනවා. ඉතිං මේ Anime එක නිර්මාණය කරලා තියෙන්නෙ Bones කියන සමාගම විසින්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kenji Nagasaki අධ්‍යක්ෂකවරයා. සංගීත කටයුතු භාරව ඉන්නේ Yuki Hayashi. මේ කතාව IMDb දර්ශකයේ 8.3/10 වගේ ඉහල අගයක් අරගෙන තියෙනවා. Action, Fantasy, Adventure කියන Genres වලට මේ කතාව අයත් වෙනවා.

කතාව පාදක වෙලා තියෙන්නේ ඉසුකු මිඩෝරියා කියන චරිතය සමඟ. ඉතින් මූලිකවම කතාව ගැන කිව්වොත් ඉසුකු මිඩෝරියාගේ පොඩි කාලේ ඉඳලා හීනේ තමා වීරයෙක් වෙන එක. ඒත් එයාට එයාගේ හීනේ හැබෑ කරගන්න එක ගොඩක් අමාරු දෙයක් වෙනවා. ඒ මොකද වීරයෙක් වෙන්න ඕන කරන වැදගත් දෙයක් මෙයාට පිහිටන්නෙ නෑ. ඒක අනිත් ලමයින්ට තියන මෙයාට විතරක් නැති ලොකු අඩුපාඩුවක් වෙනවා. ඉතිං ඒ මොකද්ද? ඇත්තටම මෙ නිසා මිඩෝරියාගෙ හීනෙ හැබෑකරගන්න බැරිවෙයිද? ඉතින් ලොකු දෙයක් කියන්න යන්නේ නෑ කතාව බලලම ඉතුරු ටික දැනගන්න.

In this post:

2 comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.