BLUE LOCK: Season 1

Oct. 09, 2022
Your rating: 0
5.5 2 votes
.

ඉතින් මේ Blue Lock කියන්නේ Japanese sport ඇනිමේ එකක්. ඉතින් මේකේ IMDB අගය 8.1/10 වෙන කොට Blue Lock – Sports, Psychological, Thriller යන වර්ග වල අයත් වෙනවා. මේකේ මේ වෙන කොට සීසන් 2 ක් ඇවිත් තියෙනවා. පළවෙනි සීසන් එක 2022/10/8 වෙනිදා ඇවිත් තියෙනවා.

*⭕ අපි කථාවේ සාරාංශය ටිකක් බලමු.*

2018 ලෝක කුසලානයේ විනාශකාරී පරාජයෙන් පස්සෙ, ජපාන කණ්ඩායම නැවත සංවිධානය වීමට අරගල කරනවා. ඒත් එයාලට නැති වෙලා තියෙන්නෙ මොකද්ද? ජයග්‍රහණය කරා මඟ පෙන්වන්න පරම දක්ෂ ප්‍රහාරකයෙක්. ජපාන පාපන්දු සංගමය ගෝල් වලට කුසගින්නෙන් පෙළෙන සහ ජයග්‍රහණය සඳහා පිපාසයෙන් ඉන්න ප්‍රහාරකයෙක් නිර්මාණය කරන්න අධිෂ්ඨාන කරගෙන ඉන්නවා…

මේකේ ප්‍රධාන චරිතය තමයි ඉසාගි යොයිචි. ඉතින් මෙයා දුර්වලයිද? එහෙමත් නැත්තම් අතිදක්ෂයෙක්ද?ඉතින් ඔයා ඒක කාතාව බලලා තීරණය කරන්න 🫵. ජපානයේ ෆුට් බෝල් ගහන කොල්ලන්ට හදිස්සියේම එක තැනකට එන්න කියලා තවත් තැනකට අරන් යනවා…ඒ තැන මොකද් ද? 🤔 ඔයා ඒක කතාව බලලා හොයා ගන්න. ඉතින් මෙයාලව පුහුණු කරන්නේ පිස්සෙක් වගේ සුපිරිම සුපිරි මොළකාර කෝච් කෙනෙක්. ඉතින් ඒ කෝච්ටත් ප්‍රධාන අරමුණක් තියෙනවා. ඒ තමයි හෝව් හෝව් ඒකත් කතාව බලලම හොයා ගන්න… ආහ් ඒත් එක්කම කියන්න ඕනේ මේ කතාව ගොඩක් අයට අප්පිරියයි 🤮, ඉතින් ඒ සංකීර්ණ බව නිසයි. ඒත් දැන් එහෙම වෙන්නේ නෑ…අතිශය ප්‍රථම වතාවට Blue Lock, *SL Anime Club* වෙතින් ඔයාලා වෙතට සිංහල උපසිරැසි සහිතව ලබා දෙනවා…

*🔰 හැමෝමටම සුබ දවසක්.*

උපසිරැසිකරණය :- පිනිඳු පින්සර

(1) comment

  • Your slowApril 19, 2025Reply

    මේකෙ ඉතුරු ටික දාන්නෙ නැද්ද අප්ප

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published