
2015 වර්ෂයේ නිකුත් උන තවත් හොඳ ඇනිමෙ එකක් තමයි Charlotte කියන්නෙ. ඉතිං මේ කතා මාලාවට 7.5/10 IMDb අගයකුත් 4.8/5 Crunchyroll ratings අගයකුත් ලැබිලා තියනවා. මේ කතා මාලාව Comedy, Supernatural, Sci-fi යන කාණ්ඩයන්ට අයත් වෙනවා.
ඉතිං මේ කතාව පදනම විදියට ගැනෙන්නෙ යෞවනයන් හට ලැබෙන විශේෂ හැකියාවන්. ඒ වගේම මේ කතාව ගලාගෙන යන්නෙ “යූ ඔටොසකා” කියන උසස් පාසල් පිරිමි ළමයා වටා. ඉතිං මේ යූ කියන්නෙ හරිම ආත්මාර්ථකාමී වගේම හරිම කපටියෙක්. තමාගෙ හැකියාව පාවිච්චි කරලා වංචාවෙන් විබාග සමත් වෙන යූ නගරයේ තියන හොඳම උසස් පාසලට ඇතුල් වෙනවා. ඉතිං ඔය විදියට යද්දි හදිසියේම “නාඕ ටොමෝරි” කියන ගැහැණු ළමයා මුණ ගැසීමෙන් පස්සෙ මෙයාගෙ උසස් පාසල් ජීවිතය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වෙනවා. ඉතිං ඒක වෙන්නෙ කොහොමද කියලා ඔයාලම බලල දැනගන්න…
ඇලිස් ඇකඩමි ඇනිමෙ එකට කැමති අයනම් මේ කතාව මිස් කරගන්න එපා….😊