...

Viral Hit

  1. Genres : Action / School / Slice of life / Comedy
  2. Audio : Japanese
  3. Subtitles : Sinhala

-

Subtitles By : සඳක මලීෂ (ලංකන් Weebs)

Viral Hit

Anime රසිකයො හැමෝටම සුබ දවසක් වේවා කියල ප්‍රාර්ථනා කරන ගමන්. අද අරගෙන ඇවිත් තියෙන්නෙ 2024.අප්‍රේල්.10 රිලීස් උන viral Hit එහෙමත් නැත්නම් Kenka dokugaku කියන ඇනිමෙ එක.                      … ප්‍රසිද්ධ manhwa නිර්මාණකරුවෙකු වන Taejun Pak විසින් Kenka dokugaku නමින් දකුණු කොරියානු manhwa එකක් නිර්මාණය කරා. මේ නිර්මාණය කරපු manhwa එක Naver Webtoon කියන ආයතනය විසින් ප්‍රකාශයට පත් කරා. මේ වෙබ්ටූන් එක පාදක කරගෙන Okuruto Noboru කියන studio එක viral hit (Kenka dokugaku) නමින් ඇනිමෙ එකක් නිර්මාණය කරා 2024. අප්‍රේල්.10 තමා මේක නිල වශයෙන් රිලීස් උනේ. ඒ වගේම තමයි මේ Taejun Pak කියන කෙනෙගෙ තවත් සුපිරිම නිර්මාණයක් තමයි මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම විදියට අරගෙන ආව lookism ඇනිමෙ එකට පාදක උන වෙබ්ටූන් එක. ඒ වගේම තමයි මේකත් අයිති වෙන්නෙ action, comedy, GENRENS වලට වගේම Martial art, bullying වගේ කියල කියන්නත් පුළුවන්. එහෙමනම් අපි කතාවෙ අන්තර්ගත පැත්තට යමු

…උසස් පාසල් ශිෂ්‍යයෙක් වන හොබින් යූ නැමති ශිෂ්‍යයෙකුගෙ ජීවිතය වටා ගෙතෙන මේ කතාව ගැන කියනවනම්. කතාවෙ ප්‍රධාන චරිතය වන හෝබින් කියන කෙනාට තියන ලොකුම ගැටලුව තමා එයාගෙ දරිද්‍රතාවය. යම්කිසි සිදුවීමකින් මෙයාට අදහසක් එනව නිව්ටියුබ් චැනල් එකකට සම්බන්ධ වෙන්න. ඉතින් මෙයා හිතපු නැති විදියට ලොකු ගානක් ලැබෙනව, ඔයාල යූටියුබ් චැනල් වලින් සල්ලි ලැබෙන විදිය දන්නව නම් අන්න ඒ විදියටම තමා මේ NewTube වලිනුත් සල්ලි ලැබෙන්නෙ. ඉතින් මෙයාට මේක දිගටම කරගෙන යන්න ලැබෙයිද කතාව ඉස්සරහට මොනවගේ දෙයක් වෙයිද එහෙනම් කතාව බලලම දැනගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක් ✌️


ලංකන් weebs-වෙනුවෙන් සඳක මලීෂ.

වීඩියෝ නැරඹීමට පින්තූර මත Click කරන්න.
වීඩියෝ Download කිරීමට Download Button එක Click කිරීමෙන් ලැබෙන වීඩියෝවේ පහල තිත් තුන මත Click කරන්න.
In this post:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.