...

MASHLE season 2

  1. Genres : Action / Fantasy / Comedy
  2. Audio : Japanese
  3. Subtitles : Sinhala

7.8

Subtitles By : සඳක මලීෂ (ලංකන් Weebs)

MASHLE season 2

…පලවෙනි කතා සමයත් එක්ක බැලුවම ටිකක් action ගතිය වැඩියි හැබැයි ඉතින් comedy ගතිය නම් හොඳටම තියනව ඉතින් ආතල් එකේ බලගෙන යන්න පුලුවන් සුපිරියක්. ඔයාලට මම කලින් සඳහන් කලා වගේම මේ ඇනිමෙ කතා මලාව නිශ්පාදන කරන්නෙ ප්‍රසිද්ධ ඇනිමේ නිශ්පාදන සමාගමක් වන A-1 pictures සමාගම මේකෙ නම දැකපු ගමන් මොකක්ද එකපාරම මතක් වෙන්නෙ, ආ ඒක තමා 2024 අවුරුද්දෙ වැඩිම හයිප් එක තිබුන anime series එක වෙන solo leveling ඇනිමෙ එකනෙ. මේ ඇනිමෙ දෙකම නිශ්පාදන කරල තියෙන්නෙ මේ A-1 pictures සමාගම විසින්. ඒකෙන්ම හිතාගන්න පුළුවන්නෙ සුපිරියක් කියලා. ඉතින් මේක පලවෙනි සීසන් එකට වඩා හොඳ imb අරගෙන තියෙනවා ඒ කියන්නෙ 7.8\10 වගේ අගයක්. Winter සීසන් එකේ හොඳම action, fantasy ගනයට අයිති උන ඇනිමෙ තුනක් රිලීස් උනා එකක් තමා මේ mashle season 02, අනිත් දෙක තමා හැමෝම කතාවෙන solo leveling ඇනිමෙ එක සහ Si Fi ගනයට අයිති උන ninja kamui ඇනිමෙ එක solo leveling කතාව දැනටමත් උපසිරැසි ගන්වලා ඉවර කරල තියෙන්නෙ, එහෙනම් වැඩි කතා නැතුව අපි කතාවෙ අන්තර්ගතය පැත්තට යමු.

…මේකෙ දෙවනි කතා සමය නම් කරල තියෙන්නෙ “MASHLE: MAGIC AND MUSCLES The Divine Visionary Candidate Exam Arc” නමින් මේකෙ පළවෙනි කතා සමය අවසන් උන ගමන්ම තමා මේ දෙවනි කතා සමය නිවේදනය කරේ. මේකෙ අන්තර්ගත ගැන බැලුවොත් පලවෙනි සීසන් එක ඉවර උනේ අපේ කතාවෙ ප්‍රධාන චරිතය වන මාෂ් බර්න්ඩිඩ්ට(හතු ඔලුවා) මැජික් බැරි බව ඇකඩමියෙ අනිත් ලමයි දැනගන්න තැනින් තමා කතාව ඉවර උනේ. එතනින් පස්සෙ මායා රාජධානියේ නීතිය හමුව මෙයාට යන්න සිද්ධ වෙනවා. මේ කතාවෙ main villain විදියට අපි දැක්ක ඉනොසෙන්ට් සීරෝ කියන කෙනා මේ නඩුව අහන වෙලාවෙදි කරපු සිද්ධියක් නිසා දේව වාදී විභාගය ඉක්මන් කරන්න කියල තීරණය කරලා විභාගෙදි සිදුවන සිදුවීම් තමා මේකෙ අන්තර්ගත විදියට තියෙන්නෙ. මේකෙදි ඔයාලට අලුත් චරිත ගොඩක් දකින්න ලැබෙනවා, අපි එහෙනම් මැජික් කරන්න බැරුව අපේ හතු ඔලුවා මේක කොහොම සමත් වෙයිද කියල බලමු, එහෙනම් විශේෂයෙන්ම අහදස් දක්වලා තිබුන අයටයි හැමෝටමයි සුබ දවසක් එහෙනම් කතාව බලලම ඉමු. ✌️

වීඩියෝ නැරඹීමට පින්තූර මත Click කරන්න. එසේ නොහැකි නම් Download Button හරහා නැරඹිය හැක.
වීඩියෝ Download කිරීමට Download Button එක Click කිරීමෙන් ලැබෙන වීඩියෝවේ පහල තිත් තුන මත Click කරන්න.

Complete

මෙහි සඳහන් සියලු උපසිරැසි, උපසිරැසිකරුගේ අනුමැතිය මත උපුටා ගන්නා ලදී.
In this post:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.