...

NINJA KAMUI

  1. Genres : Action / Sci-fi
  2. Audio : Japanese
  3. Subtitles : Sinhala

8.5

Subtitles By : DML ගංගනාත්

NINJA KAMUI

කට්ටියටම කොහොමද? ඔන්න එහෙනම් මම මේ මාසෙ නිකුත් උන අලුත්ම ක්‍රියාදාම ඇනිමෙ එකකට උපසිරැසි අරගෙන ආවා. මේකෙ නම සඳහන් වෙන්නෙ Ninja kamui කියලා. මේ වෙනකොට 9.0 ක IMDb අගයක් මේ කතාමාලාවට ලැබිලා තියනවා. ක්‍රියාදාම හා අපරාධ ගණයට තමයි මේ කතා මාලාව මූලිකවම අයිති වෙන්නෙ. මේ සීසන් එක එපිසෝඩ් 12කින් සමන්විතයි. මේ තරම් ලොකු IMDb අගයක් ලැබෙන්න හේතුව කතාව බැලුවම තේරුම් ගන්න පුලුවන්. මේකෙ ඇනිමේෂන් ස්ටයිල් එක සහ සටන් ජවනිකා එහෙමත් හොඳ තත්වයේ තියනවා. මේකෙ සටනක් කියන්නෙ ඉතිං ලේ විමානයක් තමයි. මේකෙ තියන කුරිරු බව නිසා අවුරුදු 18ට අඩු අය බලන්න එපා කියලා මම ඉල්ලීමක් කරනවා. මොකද මේක ඔයාලා ටීවී වල බලනව වගේ හුරතල් කාටුන් වලින් සම්පූර්ණයෙන්ම වෙනස්.

එහෙනම් අපි කතාව පැත්තට යමු. මේ කතා මාලාව ගලාගෙන යන්නෙ ජෝ හීගාන් කියන නින්ජාවරයා සහ ඔහුගේ ක්ලෑන් එක වටා. නින්ජා වල කියලා වෙනසක් නෑ. තමන්ගෙ ක්ලෑන් එක ඇතෑරලා ආපු අයව ද්‍රෝහීන් විදියට හංවඩු ගහන්න ඒකෙ සාමාජිකයන් කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි ඔවුන්ව කුරිරු විදියට මරලා දානවා. අපේ කතා නායකයා වන ජෝ හීගාන් නින්ජාවරයා ඔහුගේ ක්ලෑන් එක ඇතෑරලා තමන්ගෙම පවුලක් හදාගන්න උත්සහ කරනවා. ඉතිං හීගාන්ගෙ මේ ක්‍රියාකලාපය නිසා හීගාන්ව මරන්න ඔහුගේ ක්ලෑන් එකේ අය කටයුතු කරනවා. ඉතිං ඔන්න ඔතනින් තමයි කතාව පටන් ගන්නෙ. ඉතිං එහෙනම් හැමෝම මේක රසවිඳීවි කියලා බලාපොරොත්තු වෙනවා.

වීඩියෝ නැරඹීමට පින්තූර මත Click කරන්න.
වීඩියෝ Download කිරීමට Download Button එක Click කිරීමෙන් ලැබෙන වීඩියෝවේ පහල තිත් තුන මත Click කරන්න.

To Download Subtitles Only

(උපසිරැසිය පමණක් ලබාගැනීමට)

Latest Uploads

In this post:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.